Saturday, August 15, 2026
Homeදේශීයගැටලුවලට තාම විසඳුම් නැහැ- මෙන්න තැපෑල ඊලඟට කරන්න යන දේ.

ගැටලුවලට තාම විසඳුම් නැහැ- මෙන්න තැපෑල ඊලඟට කරන්න යන දේ.

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පළ කරමින් පෙරේදා ආරම්භ කළ දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

අද මාධ්‍ය රාත්‍රී 12න් පසු සුපුරුදු පරිදි තැපැල් කටයුතු ආරම්භ කරන බවයි එම පෙරමුණ පැවසුවේ.

තම ගැටලුවලට මෛතෙක් කිසිදු සාධාරණ විසඳුමක් නොලැබුණු බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව ස්ථීර විසඳුමක් නොලැබුණොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් සැලසුම් කරන බවයි ඔහු අවධාරණය කර සිටියේ.

READ:   අගනා ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා ත්‍රිකුණාමලයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්