Thursday, July 16, 2026
Homeදේශීයවිදේශ රැකියා නියෝජිතයින්ගේ වෘත්තීයභාවය වැඩි කිරීමට බැඳුම්කරය ලක්ෂ 50 දක්වා වැඩි කරනවා...

විදේශ රැකියා නියෝජිතයින්ගේ වෘත්තීයභාවය වැඩි කිරීමට බැඳුම්කරය ලක්ෂ 50 දක්වා වැඩි කරනවා – මනූෂ නානායක්කාර

විදේශ රැකියා නියෝජිතයින්ගේ රුපියල් ලක්ෂ හත හමාරක් වූ බැඳුම්කරය රුපියල් ලක්ෂ 30 දක්වා මේ වන විට වැඩි කර ඇති බවත් එය රුපියල් ලක්ෂ 50 දක්වා වැඩිකරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

එමගින් විදේශ රැකියා නියෝජිතයින්ගේ වෘත්තීයභාවය වැඩි කිරීම හා එම ආයතන පිළිබඳ විදේශ ගත වන ශ්‍රමිකයින්ගේ විශ්වාසය වැඩි කිරීම අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේ.

එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය හා එක්ව ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ඩිප්ලෝමාවක් ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී විදේශ රැකියා නියෝජිත බලපත්‍ර ලබා ගැනීමේදී මෙම ඩිප්ලෝමාව ලබා ගැනිම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   සියලුම ත්‍රිරෝදරථ සංගම් ඇතුලත් අන්තර්වාර මෙහෙයුම් කමිටුව පිහිටුවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්