ජනවාරි 01 වන දා සිට ක්‍රියාත්මක 18% වැට් බද්ද කුඩා දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ලබා දෙන ත්‍රිපෝෂ සහ අනෙක් පෝෂක ලෙස එන පෞද්ගලික නිෂ්පාදනවලට ද සෘජුව බලපාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා.
ඒ එක්කම එම නිෂ්පාදනවල මිල ඉහළ යෑම දරුවන්ගේ පෝෂණයට දැඩිව බලපාන බව ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා සමග කතා කළ කඩිනම් තීරණයක් ගත යුතු බව ඔහු ප්‍රකාශ කළා.


