Wednesday, June 10, 2026
Homeදේශීයහැමෝම බලා සිටි මේ පාර ඡන්දේ ලොකු වෙනසක්! විශේෂ ඡන්ද පත්‍රිකාවක්!

හැමෝම බලා සිටි මේ පාර ඡන්දේ ලොකු වෙනසක්! විශේෂ ඡන්ද පත්‍රිකාවක්!

ඉදිරි සියලු මැතිවරණ වලදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

එවැනි පුද්ගලයින් වෙනුවෙන් සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම මෙම විශේෂ ඡන්ද පත්‍රිකාව නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව දීම මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පැවසුවා.

මීට පෙර නියමු ව්‍යාපෘතියක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානය දහයකදී එම වැඩසටහන සාර්ථක වූ බව සමන් රත්නායක මහතා පෙන්වා දෙනවා.

ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රවණ අබාධිත පුද්ගලයින්ගේ අවශ්‍යතා හා ආබාධිත සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සඳහා ද විශේෂ අවධානයක් යොමු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්