Thursday, September 10, 2026
Homeවිදේශීයලංකාවෙන් පැන්නූ රත්‍රං කිලෝ 8ක් ඉන්දියාවෙදි කොටුවෙයි

ලංකාවෙන් පැන්නූ රත්‍රං කිලෝ 8ක් ඉන්දියාවෙදි කොටුවෙයි

ශ්‍රී ලංකාවෙන් නීතිවිරෝධීව රැගෙන ගිය රත්‍රං කිලෝ 8ක් තමිල්නාඩු රේගු බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිස්කට් සහ රත්‍රං කෑලි වශයෙන් මෙම රත්‍රං තොගය බෝටිටුවක් මගින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

වෙරළාරක්ෂක නිලධාරීන් සැක සිතී බෝට්ටුව නතර කිරීමට අණ කළ ද බෝට්ටුව නොනැවැත්වීම නිසා නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් සැකකරුවන් බෝට්ටුව දමා පළා ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව එහිදී එම බෝට්ටුවේ තිබී අත්අඩංගුවට ගත් රත්‍රං තොගය අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමට නියමිතයි.

file
READ:   කතරගම දේවාලේ රන්තැටියට වෙච්චි දෙයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්