Saturday, April 25, 2026
Homeදේශීයවැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වරාය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වරාය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව වරාය වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

වසර 3කට වරක් වැටුප් වැඩිකිරීමට නියමිත තිබුවත් කැබිනට් මණ්ඩලයේ තීරණයක් හෙතුවෙන් සිය වැටුප් වැඩිවීම පිළිබඳ සාකච්ඡා ඇණහිට ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඊයේ (29) පස්වරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසුවා.

READ:   සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනය තවදුරටත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්