Thursday, April 30, 2026
Homeවිදේශීයලොව ප්‍රථම කොරෝනා එන්නත රුසියාවේ ලියාපදිංචි කරයි

ලොව ප්‍රථම කොරෝනා එන්නත රුසියාවේ ලියාපදිංචි කරයි

ලොව ප්‍රථම කොරෝනා එන්නත තම රටේ ලියාපදිංචි කළ බව රුසියානු ජනාධිපති ව්ලැඩමීර් පුටින් ඊයේ (11) ප්‍රකාශ කළේය.   මේ එන්නත සම්බන්ධ සියලු පරීක්ෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බවත්, ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය තුළ කොරෝනා වයිරස් සඳහා ප්‍රතිශක්තියක් ගොඩනැඟී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

මේ එන්නත ගැමලෙයා ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ දී වැඩි දියුණු කර ඇති අතර රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වශයෙන් ලියාපදිංචි කර ඇති බව පුටින් මොස්කව් නුවර පැවැති ආණ්ඩුවේ සාමාජිකයින්ගේ රැස්වීමක ප්‍රකාශ කර ඇත. 

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව විසින් මේ වන විට සොයා ගෙන තිබෙන මෙම එන්නතට ලොව රටවල් 20කින් බිලියනක පමණ ඇනවුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.    1957 දී සෝවියට් සංගමය විසින් ලොව ප්‍රථම චන්දිකාව දියත් කිරීම තරම්ම විශිෂ්ට ක්‍රියාවක් වන හෙයින් මෙම එන්නතට ස්පුට්නික් V ලෙස නම් තබා ඇත.    රුසියාවේ ගමාලියා ආයතන විසින් මෙම එන්නත නිපදවා අත්හදා බලා ඇත.  

එය සාර්ථක බවට ජනාධිපති ව්ලදිමීර් පූටින් විසින්ම සහතිකයක් දී තිබෙන්නේ ”මම දන්නවා එය සාර්ථක බව මොකද මගේ දියණියකට එන්නත ලබා දී තිබෙන්නේ” යනුවෙන් පවසමින්ය.   ඒ අනුව මේ වන විටත් එම එන්නත ලියාපදිංචි කර ඇති බව එරට වාර්තා පෙන්වා දෙයි. 

Dinamina

READ:   UPDATE: ජපානයට පළමු සුනාමි රළ ඇතුලු වෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්