Friday, July 24, 2026
Homeදේශීයමහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක සමුගනි

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක සමුගනි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වීය.

අද (11) පස්වරුවේ දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට 62 වැනි වියේ පසු විය.

ස්වාධීන රූපවාහිනි සේවයේ මෙන් ම ජාතික රූපවාහිනියේ සභාපතිධූර දරා තිබූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා, කලක් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද කටයුතු
කළේ ය.

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ජන සන්නිවේදන ක්ෂේත්‍රයේ ග්‍රන්ථ රැසක් රචනා කළ තීරු ලිපි හා පුවත් පත් ලිපි රැසක් සමාජයට දායාද කළ විද්වතෙකි.

READ:   ගරා වැටුණු බෙල්වුඩය නව ජවයකින් යළි පෙරට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්