Sunday, September 27, 2026
Homeවිදේශීයඊශ්‍රායල - හමාස් සටන් විරාමය දීර්ඝ කෙරේ.

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ කෙරේ.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකරගත් මානුෂීය සටන් විරාමය තවත් දින දෙකක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාවය මත දින 4ක සටන් විරාමයක් සිකුරාදා ආරම්භ කළා.

ඒ අනුව එම දින 4 ගෙවී යාමට නියමිතව තිබියදී තවත් දින දෙකකින් සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සටන් විරාම කාලය තුළදී හමාස් සංවිධානය නිදහස් කර ඇති ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 69ක්.

සිකුරාදා සිට මේ දක්වා ඊශ්‍රායල බලධාරින් පලස්තීන කාන්තාවන් හා ළමුන් ද ඇතුළුව 150ක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

READ:   ඊශ්‍රායලය ගාසා තීරයෙන් හමුදාව ඉවත් කර ගනී.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්