Wednesday, July 29, 2026
Homeදේශීයඅග්‍රගණ්‍ය කලාකරු මහගම සේකරයන්ගේ බිරිඳ දිවි සැරිය නිම කරයි

අග්‍රගණ්‍ය කලාකරු මහගම සේකරයන්ගේ බිරිඳ දිවි සැරිය නිම කරයි

මෙරටින් බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවකු වන මහගම සේකරයන්ගේ ප්‍රිය බිරිඳ වූ කුසුමලතා මහත්මිය අද (21) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහත්මිය 88 වන වෙයෙහි පසුවුණා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරීනියක වන කුසුමලතා මහත්මිය භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් ද කලක් සේවය කළා.

අවසන් ගෞරව දැක්වීම සඳහා ඇයගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ නොවැම්බර් 24 වන සිකුරාදා තැන්පත් කර තැබීමට නියමිතයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු 25 වන සෙනසුරාදා පෙරවරු 10,30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

READ:   අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ තනතුරට අයඳුම්පත් කැඳවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්