Saturday, April 25, 2026
Homeක්‍රීඩාඉන්දීය කණ්ඩායම් නායකත්වයේ වෙනසක්

ඉන්දීය කණ්ඩායම් නායකත්වයේ වෙනසක්

ඉන්දීය කණ්ඩායමේ විස්සයි විස්ස නායකත්වය වෙනස් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ තරග 5කින් සමන්විත නොවැම්බර් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා.

ඒ අනුව ලෝකශූර ඕස්ට්‍රේලියාව ට එරෙහි එම තරගාවලියේ නායකත්වය සූර්ය කුමාර් යාදේව් ට ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ හර්දික් පාන්ඩ්‍යා අබාධයකට ලක්වීම හේතුවෙන් බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

මෙම තරගාවලිය නොවැම්බර් 23 වනදා විශාකාපට්නම්හිදී ආරම්භ වීමට නියමිතයි.

READ:   බැසිල් ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්