යෝජිත නව විදුලිබල පනත එළඹෙන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ නිළධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.
විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම, කැබිනට් මණ්ඩල වෙත ඉදිරිපත් කර ඇති අවසන් පනත් කෙටුම්පත, තාක්ෂණික අවශ්‍යතා, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග පැවති සාකච්ඡා වල මතුවූ යෝජනා සහ සංවර්ධන නියෝජිත ආයතන වලින් ලැබෙන සහය පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබුණා.
එමෙන්ම නව පනතේ යෝජනා කරන සැකසුම් රාමුව ගැන මෙන්ම විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා වේගවත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නීති සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩිදුරටත් සාකච්ජා කර තිබෙනවා.


