Saturday, April 18, 2026
Homeදේශීය“පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පමණක් නෙමෙයි මේ රටේ බොහෝ දේ ගැන ඇත්ත...

“පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පමණක් නෙමෙයි මේ රටේ බොහෝ දේ ගැන ඇත්ත එළිදරව් කරන්නේ නෑ” – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම මෙරට සිදුවන බොහෝ දේ පිළිබඳ සත්‍ය හෙළිදරව් නොවන තත්වයක් පවතින බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

ගෑස් සම්බන්ධ පිපිරීම් හේතුවෙන් ද මේ වන විට මරණ කිහිපයක් සිදුව ඇතත් ඒවාට වගකිවයුත්තේ ගෑස් සමාගම් ද නැතිනම් වෙනත් පාර්ශවයක් ද යන්න නොකියා එහිද සත්‍ය වසන් කරමින් තිබෙන බවත්, ඒ අනුව ගෑස් පිපිරීම් හේතුවෙන් පීඩාවට පත්වූ සහ මියගිය අයට ද සාධාරණත්වයක් ඉටුනොවන බවත් පියතුමෝ සඳහන් කළහ.

කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව සඳහන් කරනු ලැබුවා.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී දෙසැම්බර් මස 21 වැනිදාට මාස 32ක් සම්පූර්ණ වී ඇතත් වින්දිතයන්ට සාධාරණයක් ඉටුනොවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ වන විටත් දැනුවත් කර ඇතැයි ද සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

වතිකානයේ යුක්තිය සහ සාමය පිළිබඳ කමිටුව විසින් සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වෙත යොමු කර ඇතැයි ද පියතුමෝ මෙහිදී සඳහන් කළහ.

sri lanka catholic news

ගරු සිරිල් ගාමිණී පියතුමන් දැක්වූ අදහස් මෙතැනින්

https://www.youtube.com/watch?v=NnK4F2qjPA4

READ:   නීතිඥ සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධයට විරෝධතාකරුවන් ගෙනාව හැටි මාට්ටු (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්