Monday, July 27, 2026
Homeදේශීයපාස්කු අපරාධය සිදුකළ අයට සමාව දීමට හෝ වරදකරුවන් අපි දැනගත යුතුයි –...

පාස්කු අපරාධය සිදුකළ අයට සමාව දීමට හෝ වරදකරුවන් අපි දැනගත යුතුයි – ගරු සිසිල් ජෝයි පියතුමා

පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව දීමට කිතුනුවන් සුදානම් වුවත් සමාව දීම සඳහා එහි වරදකරුවන් කවුරුන්ද යන වග දැනගැනීමට අවශ්‍ය බව ගරු සිසිල් ජෝයි පියතුමන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කරනු ලැබුවේ දෙසැම්බර් මස 21 වැනිදා අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය නත්තල් උත්සවයේදී සමාව දීමට නොහැකිද යනුවෙන් අසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදහස කුමක්දැයි විමසූ විට ගරු පියතුමන් මේ බව කියා සිටියා.

එහිදී ගරු සිසිල් ජෝයි පියතුමන් කියා සිටියේ කිතුනුවන් සමාවදීම සහ ආදරය ඉහළින්ම අගයකරන පිරිසක් බවත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන්, පුපුරුවා ගත් පිරිස පිටුපස සිටි අය, මෙහි දේශපාලන පසුබිමක් ඇත්නම් එය කුමක්ද යන්න අනාවරණය කළහොත් සමාව දීමට හෝ ඒ පිළිබඳව සලකා බැලීමට හෝ හැකියාවක් ඇති නමුත් ඒ පිළිබඳව කිසිවක් නොදැන සමාව දීමක් කළ හැක්කේ කෙසේද යන්නයි

ගරු පියතුමන් දැක්වූ අදහස් මෙතනින්

READ:   විදුහල්පති පොලිතින් කවලා සිසුන් දෙදෙනෙක් රෝහලේ
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්