Wednesday, April 22, 2026
Homeවිදේශීයඅමෙරිකාවේ වතුයායක හමුවූ ලෝක බලවතුන්

අමෙරිකාවේ වතුයායක හමුවූ ලෝක බලවතුන්

චීන ජනාධිපති ෂි ජින් පින් ඊයේ (15) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේ දී.

නැගී එන ආතතීන් ලිහිල් කිරීමට චීනය හා අමෙරිකාව අතර හමුදා සන්නිවේදනය යළි ආරම්භ කිරීමට මෙහිදී රාජ්‍ය නායකයින් එකඟ වු බව විදෙස් මාධ්‍ය පවසනවා.

සන්නීවේදනයේ ඌණතාවය අනතුරු සිදුවීමට හේතුවක් බවත් ජනාධිපතිවරුන් දෙදෙනාට දුරකථනය ගෙන දැන් කෙලින්ම කතා කළ හැකි බවත් ජෝ බයිඩන් සාකච්ඡාවෙන් පසු පවසනවා.

චීන ජනපති පවසා ඇත්තේ ප්‍රබල රටවල් තරග කිරීම නූතන යුගයේ හරය නොවන බවයි.

එක් රටක ජයග්‍රාහණය තවත් රටකට හොඳ අවස්ථාවක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගැටුමක දෙපැත්තටම දරාගත නොහැකි ප්‍රතිවිපාක ඇති බවත් සමානාත්මතාවය ගෞරවය මත රටවල් දෙකේ සන්නිවේදනය තීරණය වන බවත් ඔහු පවසා තිබෙනවා.

චීනය සහ අමෙරිකාව එක්ව කෘතීම බුද්ධිය (AI) අධ්‍යනය කිරීම ඇතුළු ගිවිසුම් කිහිපයකට ද දෙරටෙහි නායකයින් එකඟතාවයන්ට පැමිණ තිබෙනවා.

READ:   ජෝ බයිඩ්න් ජනපති සටනින් ඉවත් වූ හේතුව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්