Thursday, June 4, 2026
Homeදේශීයඅම්මත් නැති කෙල්ලගේ අද උපන්දිනේ හවසට කේක් එකක් ගේමු කියලා ගියේ -...

අම්මත් නැති කෙල්ලගේ අද උපන්දිනේ හවසට කේක් එකක් ගේමු කියලා ගියේ – අනාරක්ෂිත කොන්ක්‍රීට් තාප්පයට බිලි වූ පුංච් සෙහන්සාගේ ආච්චි

වැල්ලම්පිටිය වේරගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රීට් තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කාලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත අදාළ විමර්ශනය කඩිනමින් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ.

කඩාවැටුණු ජල කරාම සහිත තාප්යට යට වී තුවල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ සිසුවියක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියා.

හත් හැවිරිදි එම සිසුවියේ උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබීමත් ඒ වෙනුවෙන් කුඩා ළමුන් සහ දෙමාපියන් උපන්දින සැමරුමක් සංවිධානය කර තිබීමත් වඩාත් සංවේදී කාරණයක් වූවා.

මියගිය සෙහන්සාගේ මව රැකියාවක් සඳහා විදෙස්ගතව ඇති අතර පවුලේ එකම දරුවා වන සෙහන්සා නෙත්සරණී හැදී වැඩී තිබුණේ ඇගේ ආච්ච් සහ පුංච් අම්මා ලඟයි.

මෙලෙස අනතුරකට ලක්වූයේ අදාළ අනාරක්ෂිත තාප්පය අසළ දෑත් සේදීමේ යෙදී සිටි පළමු ශ්‍රේණියේ දරුවන් පිරිසක්.

කෙසේ වෙතත් පාසලේ තවත් තාප්පයක් ඇතුළු අනාරක්ෂිත ස්ථාන තිබෙන බව පාසල වෙත ගිය වාර්තාකරුවන් පෙන්වා දෙනවා.

නිරන්තර කුඩා දරුවන් ගැවසෙන ස්ථානවල කලක සිට පවතින මෙවැනි මාරකයන් ගැන වැඩිහිටියන්ගේ වගකියයුත්කන්ගේ සහ බලධාරීන්ගේ ඇස නොගැටීම විමතියට කරුණකි.

READ:   'ගම සමග පිළිසඳරකට' සම්බන්ධීකරණ කමිටු 05ක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්