Tuesday, September 8, 2026
Homeදේශීයආර්ථික අර්බුදය එක අයවැයකින් විසඳන්න බෑ - ජනපති අවධාරණය කරයි

ආර්ථික අර්බුදය එක අයවැයකින් විසඳන්න බෑ – ජනපති අවධාරණය කරයි

මෙරටට ආර්ථික අර්බුදය එක අයවැයකින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති 2024 අයවැය කතිකාව වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

තමන් පළමුවෙන්ම ආර්ථිකය ස්ථාවර කර යළි ගොඩනැගීම කළ බවත් එය අයවැයකින් සිදු කළ නොහැකි දෙයක් බවත් ජනාධිපතිවරයා වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව පළමු පියවර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලබා ගැනීම, දෙවන පියවර පසුගිය අයවැය වූ බවත් ජනාධිපතිවරයා පවසනවා.

ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් නොව නව අයවැය තුළින් අලුත් ආර්ථිකයක් ගොඩනැගීමට ද බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

READ:   කොළඹට පැය 15ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්