Wednesday, April 22, 2026
HomeදේශීයBREAKING NEWS: ක්‍රිකට් අතුරුතහනම් නඩුවෙන් අභියාචනාධිකරණ සහාපති විනිසුරු ඉවත්වෙයි

BREAKING NEWS: ක්‍රිකට් අතුරුතහනම් නඩුවෙන් අභියාචනාධිකරණ සහාපති විනිසුරු ඉවත්වෙයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුව අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීම සම්බන්ධ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉවත්ව තිබෙනවා.

ඒ නඩුවට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගොනුකළ මෝසම අද (14) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.

ඒ අනුව අදාළ පෙත්සම විභාගය වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ අදාළ නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විමසීමට විරෝධය පළ කරන බවයි.

READ:   ශ්‍රි ලංකා ක්‍රිකට් ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්