අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් වෙනත් පාර්ශවයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් කරනවා.
එම ආයතනය පෙන්වා දෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළ ආකාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වල මුදල් තෙවැනි පාර්ශවයකට යැවීමට කිසිදු උත්සාහයක් ගෙන නොමැති බවයි.
ක්‍රිකට් ආයතනයට මුදල් ලැබෙන්නේ අමෙරිකානු ඩොලර් වලින් බවත් එම මුදල් විනිමය වෙනස්කම් වල වාසිය ලබා ගැනීමේ අරමුණින් අමෙරිකානු ඩොලර් ගිණුම්වල රඳවා තබන බවත් එම ආයතනය සඳහන් කරනවා.
එසේම පාර්ශවකරුවන්ට සැපයුම්කරුවන්ට ගෙවීට හා එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය මුදල් ඩොලර් ගිණුම්වලින් සාමාන්‍යයෙන් රුපියල් වලින් පවත්වා ගෙන යනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන බවත් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
එම නිවේදනය පහතින්,



