Monday, April 20, 2026
Homeදේශීයඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් ඉදිරියේ ජනපති දුන් පොරොන්දුව

ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් ඉදිරියේ ජනපති දුන් පොරොන්දුව

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කුමන ජන කොටසක් නියෝජනය කළද සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසකම් දිනා දීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි ඒ මහතා සඳහන් කළේ.

සියලුදෙනා එක්කර ගනිමින් ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

filer

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කඳුකර දමිළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් ඊයේ (02) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති “නාම් 200” (අපිට 200) සැමරුම් උත්සවය අමතමින්.

file

මෙරට සංචාරයේ නිරත ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය මෙම උත්සවයට එක්ව සිටියා.

file
file
file
READ:   ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකරුවන් කරන අති විශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්