Sunday, September 20, 2026
Homeදේශීයදිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි

ජනශක්ති සමූහයේ අධ්‍යයක්ෂකවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බව හෙළිව තිබෙනවා.

ගෙල හා මුහුණ මත ඇති කළ පීඩනයක් මත ඔහුගේ මරණය සිදුව ඇති බවටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය තීරණය කර ඇත්තේ.

එබැවින් මෙය ඝානයක් ලෙස සලකා කරුණු ඉදිරිපත් කරන්නැයි අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 15 වනදා ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්තේදී ගෙල සිර කර බෑඳ සිටියදී සොයා ගැණුනා.

පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත්වුණා.

READ:   සේවකයන් වලපල්ලට යවමින් Dialog බලහත්කාරී සේවක කප්පාදුවක?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්