Sunday, June 7, 2026
Homeදේශීයප්‍රියන්තගේ සිද්ධියේදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හැසිරීම ගැන සීලරතන හිමිගෙන් පාකිස්තානයට සන්දේශයක්.

ප්‍රියන්තගේ සිද්ධියේදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හැසිරීම ගැන සීලරතන හිමිගෙන් පාකිස්තානයට සන්දේශයක්.

ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි ඉකුත් දා පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයට ⁣වැඩමකර සන්දේශයක් භාර දුන්නා. ඒ පාකිස්තානයේ දී ලාංකිකයෙකු ඝාතනය කිරීාම් සිද්ධියේ පසු භූමිකාවට අදාළවයි.

උන්වහන්සේ සිය සන්දේශයෙන් පෙන්වා දී තිබුණේ, දෙරටේ රාජ්‍ය නායකයන් මෙම සිද්ධියේ දී සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය නිසි පරිදි ආරක්ෂා කර ගනිමින් සංහිඳියාවෙන් යුතුව ක්‍රියා කළ බවයි. එමගින් දෙරටට ම කැළලක් ඇති නොවන අයුරින් මිත්‍රශීලී සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති අවස්ථාව අහිමි නොකළ බව උන්වහන්සේ අවධාරණය කර තිබුණා.

එසේ ම එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන, සිද්ධියට අදාළ සැකකරුවන් රැසක් අත් අඩංගුවට ගෙන පෙන්වමින් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දුන් සංඥාව, එම පරිසරය නිර්මාණය වීමට බලපෑ බව උන්වහන්සේගේ මතයයි. පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝග ප්‍රකාරව බොහෝ දේ වේගවත්ව සිදුවන බව සීලරතන හිමියන් පවසනවා.

සීලරතන හිමියන් සඳහන් කරන්නේ මෙහිදී එම කාර්යාලය පාර්ශවයෙන් ද උන්වහන්සේට පැසසුම් හිමි වූ බවයි. කලබලකාරී වාතාවරණයක් ඇති කර සමාජය නොසන්සුන් කරන පිළිවෙතක නොසිටීම වැදගත් භූමිකාවක් බව එම මහ කොමසාරිස් කාර්යාලයේ අදහස වී තිබෙනවා.

මේ අතර සංඝ සමාජයේ විවිධ භික්ෂූන් වහන්සේ අතර ඇතිවන විරසකතාවයන් බෞද්ධ ජන සමාජයට ඇති කරන බලපෑම පිළිබඳව අප උන්වහන්සේගෙන් විමසා සිටියා. සීලරතන ස්වාමීන්වහන්සේ සඳහන් කළේ බලය ලැබුණු පසු බලය භාවිත කිරීම ප්‍රවේශමෙන් සිදු කිරීම වැදගත් බවයි.

එසේම විවිධ වෘත්තීන්වල සේවය කර පසුව පැවිදිව සංඝ ශාසනයට ඇතුළත් වූ භික්ෂූන් වහන්සේ වැඩිහිටි ස්වාමීන්වහන්සේට ගරු කිරීමේ ඇති වැදගත්කමද උන්වහන්සේ සිහිපත් කළා.

සීලරතන හිමියන් අවධාරණය කරන්නේ භික්ෂූන් වහන්සේ වචන හැසිරවීමේ දී ප්‍රවේශම් විය යුතු බවයි.

READ:   ත්‍රස්තවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්