Monday, September 14, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවෙන් 242ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් 242ක ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 241ක් පමණයි.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක පන්දු 60කදී ලකුණු 46ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 39 (50) යි. සදීර සමරවික්‍රම ලකුණු 36 (40)ක් ලබා ගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Fazalhaq Farooqi කඩුලු 04ක් බිඳ දැමුවා.

Mujeeb Rahman කඩුලු 02 ක් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 242ක ඉලක්කයක් හබා යෑමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

READ:   පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්