Sunday, September 13, 2026
Homeවිදේශීයඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්: 13ක් මරුට

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්: 13ක් මරුට

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (30) උදෑසන සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

තවත් 50කට වැඩි පිරිසක් අනතුරින් තුවාල ලබා ඇති බව සඳහන්.

විශාකාපට්නම් සිට පලාසා දක්වා ධාවනය වූ විශේෂ මගී දුම්රියකට සංඥා නොලැබීම හේතුවෙන් නවතා තිබියදී විශාකාපට්නම් සිට රයගාදා බලා ධාවනය වූ දුම්රියක් එහි ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අනතුර සංඥා නොදැකීම නිසා සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

READ:   BREAKING NEWS: ප්‍රබල රුසියාව - වැන්ගර් හමුදාව හමුවේ පසු බැස්සා?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්