Saturday, September 12, 2026
Homeදේශීයගුරුවරුන් දැඩි තීරණයක

ගුරුවරුන් දැඩි තීරණයක

ගුරු වෘත්තිය සමිති අද (27) විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.

අද පාසල් නිමාවීමෙන් පසු පස්වරු 1.30ට පාසල් ඉදිරිපිට එම විරෝධතාව දක්වන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ.

ඉකුත් 24 වනදා ගුරු වෘත්තිය සමිත බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ දී විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර ඊට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණා.

එම ප්‍රහාරයෙන් විරෝධතාකරුවන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වුණේ.

වැටුප් විෂමතා ඇතුළු වෘත්තිය ගැටලු කිහිපයක් මුල්කරගනිමින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

READ:   22 හැවිරිදි ගුරුවරියට ලිංගික අතවර කළ විදුහල්පති අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්