Friday, April 24, 2026
Homeදේශීයලලිත් කොතලාවලගේ මරණය සැක සහිත අතට?

ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත අතට?

දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ඒ මහතාගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව හෙළි කර ගැනීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (23) ඒ මහතාගේ දේහය පිළිබඳ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව මව්බිම වාර්තා කරනවා.

කොතලාවල මහතා කුමන ලෙඩ රෝගයක් සඳහා කුමන වෛද්‍යවරුගෙන් කුමන මට්ටමේ ප්‍රතිකාර ලබා ගත්තේ දැයි නොදන්නා බවයි 84 හැවිරිදි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලාංකාවේ ප්‍රමුඛතම ව්‍යපාරයකු වූ ලලිත් කොතලාවල මහතා පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.

මියයන විට කොතලාවල මහතා 85වන වියෙහි පසුවුණා.

READ:   කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්