Thursday, April 30, 2026
Homeක්‍රීඩානෙදර්ලන්තයෙන් නොසිතු ඉලක්කයක්

නෙදර්ලන්තයෙන් නොසිතු ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළා.

පන්දුවාර 18 වන විට මුල්පෙළ කඩුලු 5ම බිඳවැටී තිබූ නෙදර්ලන්ත ඉනිම ගොඩනැගීමට Sybrand Engelbert සහ Logan සමත් වුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Sybrand පන්දු 82කින් ලකුණු 70ක් රැස් කළා.

ඊට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ද ඇතුළත්.

පන්දු 75කින් Logan Van Beek ලකුණු 59ක් රැස් කළා.

පන්දු යැවීමේදී කසුන් රාජිත සහ දිල්ශාන් මධුසංක කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුණා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 263ක ඉලක්කයක් හබා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

READ:   BREAKING NEWS: සී.ඩී. වික්‍රමරත්න යළි පොලිස්පති ධුරයට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්