එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකණු සටහනේ අවසාන එනම් 10වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු බින්දුවක් ලබා ගනිමින්.
දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කළ නෙදර්ලන්තය ඊයේ (17) ශ්‍රී ලංකාව පසුකර ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයට පැමිණියා.
ඒ ප්‍රසාද ලකුණු 2ක් හිමි කර ගනිමින්.
ප්‍රසාද ලකුණු 6 ක් ලබා ගෙන පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටින අතර එහි දෙවන ස්ථානයේ රැදී සිටින නවසීලන්තය ද ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6ක්.
ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව තෙවන ස්ථානයේ රැදී සිටින අතර ප්‍රසාද ලකුණු 4ක් ලබා පාකිස්තානය 4 වන ස්ථානයේ පසුවෙනවා.




