Wednesday, September 16, 2026
Homeදේශීයචැනල් ෆෝ චෝදනා විමර්ශනයට විශේෂ කාරක සභාවක් පත්කරන්නැයි යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

චැනල් ෆෝ චෝදනා විමර්ශනයට විශේෂ කාරක සභාවක් පත්කරන්නැයි යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙනවා.

ඒ අද උදෑසන 9.30ට යි.

චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලකරන චෝදනාව විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන්නැයි වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන බවයි පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ සඳහන් වන්නේ.

මේ අතර ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ සැප්තැම්බර් 22වනදා එම කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

READ:   සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්