Saturday, May 2, 2026
Homeක්‍රීඩාලෝක ශූර එංගලන්තය ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය වෙයි..

ලෝක ශූර එංගලන්තය ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය වෙයි..

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ එංගලන්තය හා පැවති තරගය ලකුණු 69ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (15) සමත්වුණා.

පළමුව ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 49යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmanullah Gurbaz පන්දු 57කින් ලකුණු 80ක් රැස් කළා.

Ikram Alikhil ලකුණු 58(66) ක් ලබා ගත්තා.

ලකුණු 285ක ඉලක්කයක් හබා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 3ක් තුළ සියලුදෙනා දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දුයවන්නන් සමත් වුණා.

ඒ ප්‍රබල එංගලන්තය ලකුණු 215කට සීමා කරමින්.

Harry Brook පන්දු 61කින් ලකුණු 66ක් රැස් කළා.

Dawid Malan ලකුණු 32යි.

පන්දු යැවීමේදී Rashid khan කඩුලු 03ක් බිඳ දැමුවා.

Mujeeb Rahman ද කඩුලු 03ක් දවා ගත්තා.

file
READ:   අධ්‍යාපන ක්ෂේත්‍රයේ බිඳ වැටීම අද සියදිවි හානි කර ගන්නා තැනට ඇවිල්ලා - ආචාර්ය හරිනි අමරසූරිය (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්