Thursday, September 17, 2026
Homeක්‍රීඩාBREAKING NEWS: දසුන් වෙනුවට චාමික කණ්ඩායමට

BREAKING NEWS: දසුන් වෙනුවට චාමික කණ්ඩායමට

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දසුන් ශානක වෙනුවට එක්දින තරග 23කට ක්‍රීඩා කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබෙනවා.

පසුගිය පාකිස්තානයට එරෙහි තරගයේදී දසුන්ගේ දකුණු කලවයේ මාංශපේශී ආබාධයකට ලක්වීම හේතුවෙන් එම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

වෛද්‍ය නිගමනය වී ඇත්තේ දසුන්ගේ ආබාධය සුවවීමට සති තුනක කාලයක් ගත වන බවයි.

READ:   චීනය අඟහරුටත් පය තියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්