Friday, April 24, 2026
Homeදේශීයඑදා කුසල් සදීරලා ගහපු ගැහිල්ල ICCය ලෝක කුසලානයේ ඉහළ තැනින් තබයි

එදා කුසල් සදීරලා ගහපු ගැහිල්ල ICCය ලෝක කුසලානයේ ඉහළ තැනින් තබයි

2023 එක්දන ක්‍රිකට් ලෝක කුසලානයේ මේ දක්වා පැවති තරග අතරින් ලකුණු ලබාගැනීමේ ප්‍රහාරත්මක වේගය වැඩිම පිතිකරුවා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සමග පැවති තරගයේ කුසල් මෙන්ඩිස් දැක් වූ දක්ශතා ද ඊට හේතු වී තිබෙනවා.

එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 77 කින් ලකුණු 122ක් රැස් කළ අතර ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් ඇතුළත් වුණා.

එය ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කළ වේගවත්ම ශතකය වෙනවා.

මෙම ශ්‍රේණිගත කිරිමේ දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවේ Aiden Markramටත් එහි තුන්වන ස්ථානය ඉන්දියාවේ රෝහිත් ෂර්මාටත් හිමිව තිබෙනවා.

මේ අතර මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

සදීර සමරවික්‍රම එහි හතරවන ස්ථානයේ රැදී සිටින අතර 8 වන ස්ථානයේ රැදී සිටින්නේ චරිත් අසලංකයි.

file
READ:   ශ්‍රී ලංකාව 344 ගහලත් තරගය පරාදයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්