Thursday, July 23, 2026
Homeදේශීයනවතම තත්ත්වය: දක්ෂිණ අධිවේගී මාර්ගය තවදුරටත් අවහිර වෙයි

නවතම තත්ත්වය: දක්ෂිණ අධිවේගී මාර්ගය තවදුරටත් අවහිර වෙයි

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටස තවදුරටත් අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් පින්නදූව හා ඉමදූව අන්තර් හුවමාරුව භාවිත කරන ලෙස අධිවේගී මාර්ග ඒකකය දැනුම් දී සිටිනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉවදූවෙන් පිටවී කොළඹ දෙසට යන විට නැවත පින්නදූවෙන් ඇතුළු වන ලෙසයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම නායයෑමෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පින්නදූව සහ ඉමදූම අතර 102 වන කිලෝමීටර කණුව අසළ ඊයේ රාත්‍රීයේ පළමු වරට නාය යෑම සිදුවුණා.

READ:   දක්ෂිණ අධිවේගයේ නවතම තත්ත්වය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්