Thursday, May 14, 2026
Homeදේශීයහම්බකරපු ධනය තමයි මේ ආදරේ. අප්පච්චිට වෙන ධනයක් නෑ - මාධවී ඇන්තනී

හම්බකරපු ධනය තමයි මේ ආදරේ. අප්පච්චිට වෙන ධනයක් නෑ – මාධවී ඇන්තනී

ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කාලාකරුවන් ඇතුළු විශාල ජනතාවක් බොරැල්ල ජයරත්න මල් ශාලාවට මේ වන විටත් පැමිණ සිටිනවා.

අද රාත්‍රී 11 දක්වා ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී  සිදුකිරීමට නියමිතයි.

සිය පියාණන්ගේ වියෝව ගැන මාධවී ඇන්තනී මහත්මිය අදහස් පළ කර සිටියා..

“බොහෝ දෙනෙක් අප්පච්චිට ආදරය ප්‍රකාශ කරන්න අද එනවා.ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. අප්පච්චි හම්බකරපු ධනය තමයි ඒ ආදරේ.. අප්පච්චිට වෙන ධනයක් නෑ.ඉක්මනින් දුක හිතෙන හිත රිදෙන අහිංසක මනුස්සයෙක් මගෙ අප්පච්චි.”

READ:   විශේෂ රථවාහන සැලැස්මක් ගැන පොලීසිය දැනුම්දෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්