Thursday, May 14, 2026
HomeදේශීයSTF ජිප් රථයක් අනතුරක: දෙදෙනෙක් මරුට

STF ජිප් රථයක් අනතුරක: දෙදෙනෙක් මරුට

වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා ජිප් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ 9.30ට පමණ සිදුවූ මෙම අනතුරින් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා.

තවත් සෙබළුන් 05 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ, වර්ෂාව පැවති අවස්ථාවේ ජිප් රථය මාර්ගයේ සිටි කිරි ගවයෙකුගංඑ ගැටී රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ලිස්සා ගොස් තප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගියේ වව්නියාව , මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්තව සේවය කළ කුරුණෑගල සහ මැදවච්චිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29 සහ 31 හැවිරිදි සෙබළුන් දෙදෙනෙක්.

මේ අතර තුවාලලැබූ සෙබළුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

READ:   කොටදෙණියාවේදී තවත් බස් රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්