Thursday, September 10, 2026
Homeදේශීයඅභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතයි.

ඒ රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී බව පවුලේ ඥාතින් දැනුම් දෙනවා.

අවසන් කටයුතු එදින සවස 3ට ආරම්භ වෙනවා.

1958 වසරේ ජූලි 08 වනදා රාගම දී උපත ලබා ඇති ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණා.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභාවප්‍රාප්ත වුණා.

READ:   ජනවාරි මාසයේ ඩො. මිලියන 478.6ක විදෙස් ප්‍රේෂණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්