Thursday, June 11, 2026
Homeදේශීයඅද තද වැසි වහින ප්‍රදේශ..

අද තද වැසි වහින ප්‍රදේශ..

අද (07) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,  බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි.

ඌව සහ නැඟෙනහිර පළාත්වල සහ පොලොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්