Sunday, April 19, 2026
Homeදේශීයසුපිරි රථයකට යටවී පොලිස් නිලධාරියකු මරුට

සුපිරි රථයකට යටවී පොලිස් නිලධාරියකු මරුට

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසළ දී ඊයේ (05) සවස මෝටර් රථයක් අනතුරකට ලක් වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් වරයෙකු අද (06) අලුයම මියගොස් තිබෙනවා.

මෙලෙස මියගියේ වයස අවුරුදු 25ක් වන වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිට ඇති අතර මොටර් රථය එක්වරම කඩා වැදී පොලිස් නිලධාරියාව යට කරගෙන ගොස් අසල ජල පොකුණේ වැදී නතර වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ 27 හැවිරිදි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Accident prevention 1st
Accident prevention 1st
file
READ:   නිලධාරීන්ගේ කැපවීමක් නොතිබීම, වස විසෙන් තොර ආහාර වේල කල් යෑමට එක් හේතුවක්.. -ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්