Friday, April 24, 2026
Homeදේශීයවැඩවර්ජනයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්! ගමන්වාර රැසක් අවලංගුයි

වැඩවර්ජනයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්! ගමන්වාර රැසක් අවලංගුයි

හදිසි දුම්රිය වර්ජනයක් හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබෙනවා.

මාලිගාවත්ත දුම්රිය අංගනයේදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු දුම්රිය නියාමකවරයෙකුට කළ පහරදීමේ සිද්ධියක් මෙම වර්ජනය ඇතිවීමට හේතුව බව සඳහන්.

මේ හේතුවෙන් මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් දුම්රිය පිටතට ගැනීම අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් පස්වරු 4 පමණ වන විට දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කර ඇති බව සඳහන්.

තවදුරටත් දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

READ:   කොටුවේදී දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්