Wednesday, July 29, 2026
Homeදේශීයසීතා ඇතින්නට වෙඩි තබා තිබෙන්නේ ජීව උණ්ඩ වලින් බව හෙළිවෙයි

සීතා ඇතින්නට වෙඩි තබා තිබෙන්නේ ජීව උණ්ඩ වලින් බව හෙළිවෙයි

සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ භාවිත කරමින් බව හෙළිව තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කළේ සිදුකළ ස්කෑන් පරික්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.

සීතා ඇතින්න ඊයේ (03) ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබුණා.

මහියංගණය පෙරහැරට පැමිණ බැඳ සිටි හීලෑ සීතා ඇතින්නට වනජීවි දෙපාර්තමේන්තුවට අයත් නිලධාරියෙකු විසින් පසුගියදා වෙඩි තබා තිබුණා.

වන අලියෙකු යැයි සිතා වෙඩි තැබීම සිදු කළ බව ඔහු පවසා තිබුණා.

ඒ වන විට වාර්තා වුණේ, එය රබර් උණ්ඩ භාවිත කර සිදු කළ වෙඩි තැබීමක් බවයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇතින්න මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

අදාළ සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප මත නිදහස් කර තිබුණා.

READ:   "ඔබේ මිතුරෙක් මෙන් IMF ඔබ ළඟ සිටිනවා" - IMF කළමනාකාර අධ්‍යක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්