Monday, September 14, 2026
Homeදේශීයමෙතෙක් හමු වූ විශාලතම තනි නිල් මැණික රුවන්පුරෙන් වාර්තා වේ.

මෙතෙක් හමු වූ විශාලතම තනි නිල් මැණික රුවන්පුරෙන් වාර්තා වේ.

ලොව විශාලතම තනි ස්වභාවික “නිල් මැණික” ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ. එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන අතර එහි කැරට් 1,550,000ක් අඩංගු බව සදහන් වේ. මෙම නිල් මැණික සඳහා “ආසියාවේ රැජිණ” (QUEEN OF ASIA) ලෙස නම් තබා තිබේ. ඒ අනුව ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙය ලෙස සැලකේ. එය සොයාගෙන ඇත්තේ රත්නපුර, බටුගෙදර ප්‍රදේශයෙනි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ රත්නපුරය බටුගෙදර ප්‍රදේශයෙන් හමුවී ඇති මෙම මැණික ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අයත් බවය.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   වසර තුනක් දක්වා වීවලට සහතික මිලක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්