Saturday, July 25, 2026
Homeදේශීයමාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවෙන් නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

කඹුරුපිටිය – මාතර මාරගය ස්ථාන කිහිපයකින් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

කඹුරුපිටිය – අකුරුස්ස මාර්ගය , කඹුරුපිටිය – මුලටියන මාර්ගය , කඹුරුපිටිය – කද්දූව මාර්ගයන් ද ස්ථාන කිහිපයකින් යටවී තිබෙනවා.

කඹුරුපිටිය – අතුරුලිය අකුරැස්ස – යක්කලුමුල්ල ආදී මාර්ගයන් ද ස්ථාන කිහිපයකින් යටවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ හේතුවෙන් ගමනාගමනයට ද බාධා පැමිණ තිබෙනවා.

READ:   රටට ඩොලර් ලැබීමේ ගැටලුවක් දැන් නෑ - මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්