Monday, April 20, 2026
Homeදේශීයධනුෂ්කගේ ක්‍රිකට් තහනම ගැන තීරණය?

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ගැන තීරණය?

ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී ධනුෂ්ක ගුණතිලකට පැණවූ තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් කිරීමට සලකා බලන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් ධනුෂ්ක අද එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණා.

මින්නේරිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙරට පුරවැසියෙක් සහ ජාතික ක්‍රීඩකයෙක් ලෙස ධනුෂ්ක නිදොස්වීම ගැන සතුටු වන බවයි.

මේ අතර යළිත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම තම බලාපොරොත්තුව බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනුෂ්ක පවසා තිබුණා.

READ:   ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්