Tuesday, September 15, 2026
Homeදේශීයජනාධිපතිවරයාට එහෙම තනි තීරණ ගන්න බෑ කවදාවත්! මේක පොදුජන පෙරමුණ මූලික ආණ්ඩුවක්...

ජනාධිපතිවරයාට එහෙම තනි තීරණ ගන්න බෑ කවදාවත්! මේක පොදුජන පෙරමුණ මූලික ආණ්ඩුවක් – එස්.එම්. චන්ද්‍රසේන

රට විනාශ කරන ගිවිසුම්වලට කිසිසේත් ජනාධිපතිවරයා නොඑළඹෙන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

පොදු ජන පෙරමුණ සහ පක්ෂ කිහිපයක් එකතු වී ආණ්ඩුව පිහිටුවා ඇති බැවින් ජනාධිපතිවරයාට එලෙස තනි තීරණ ගත නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

වෙළඳ හුවමාරු ගිවිසුම් ආර්ථික සංවර්ධනයට අදාළ ගිවිසුම්වලට ජනාධිපතිවරයා එළඹෙන බව ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා විදෙස් සංචාරය තුළ රටට වටිනා ප්‍රයෝජන රැසක් ලබාගෙන පැමිණෙන බව ඒ මහතා සඳහන් කළා.

කඩාවැටී තිබූ ආර්ථික වෙනස් වී ඇති බැවින් ලබන වසර වන විට ජනතාවට සහන දීම ඇතුළු සංවර්ධන කටයුතුවල ලොකු වෙනසක් රට තුළ වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

READ:   ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්