Friday, September 11, 2026
Homeදේශීයකළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකු මරුට

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකු මරුට

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

දරුවන්ගේ මව්පියන් පවසන්නේ පසුගිය 9 වනදා උපත ලැබූ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු පසුගිය 18 වනදා මිය ගිය බවයි.

අනෙක් දරුවා ඊයේ (23) අළුයම අනෙක් දරුවා මියගිය බව මව්පියන් පවසනවා.

පසුගිය 18 වනදා මියගිය දරුවාගේ මරණයට හේතුව ශ්වසන අපහසුතා බව රෝහල් පාලන අධිකාරිය පවසා තිබෙනවා.

කෙසේ වෙතත් එය පිළිගත නොහැකි බව මව්පියන් ප්‍රකාශ කරනවා.

දරුවන්ගේ මව්පියන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

දෙවන දරුවා නැතිවීමට පෙර දිනයේද දරුවා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල ප්‍රකාශ කළ බවත් කිසිදු වෛද්‍ය වාරතාවක ගැටලුවක් නොතිබූ බවත් දරුවන්ගේ දෙමාපියන් පවසනවා.

READ:   ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරනවා - ජනපති බිස්නස් ටුඩේ සම්මාන උළෙලේදී කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්