හෙට (23) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.
ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 06 සිට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
පැය 12ක කාලයක් සඳහා ජල කප්පාදුව සිදු කරන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ.


