Saturday, June 6, 2026
Homeදේශීයරේගුවේ රඳවා ගත් වාහන 133ක ෆයිල් අතුරුදන්

රේගුවේ රඳවා ගත් වාහන 133ක ෆයිල් අතුරුදන්

විවිධ අංශ විසින් සිදු කරන රේගු විමර්ශනවලදී රේගු භාරයට ගෙන රඳවා ගත් වාහන 133ක විමර්ශන ලිපිගොනු අස්ථානගත වී තිබෙනවා.

ජාතික විගණන කාර්යාලය විසින් මේ අනාවරණය කළ බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

රේගු විමර්ශනවලදී රේගු භාරයට ගත් රථ වාහන 435ක් බහාලුම් 91ක් මේ වර්ෂයේ ජනවාරි 31 වන විට පෞද්ගලික ආයතනයකින් කුලී පදනමින් ලබා ගෙන ඇති අංගනයක ගාල් කොට තිබෙනවා.

ඉන් වාහන 261ක් සහ බහාලුම් 86ක් වසර 5කට අධික කාලයක සිට එම අංගනයේ රඳවා ඇති බව සඳහන්.

වසර 5කට අධික කාලයක් ගාල්කොට ඇති මෙම වත්කම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගක් නොපමාව ගත යුතු බව විගණනය මඟින් නිර්දේශ කර තිබෙනවා.

වාහන රඳවා ගැනීම සඳහා වර්ග අඩි 18,000ක භූමි භාගයක් පෞද්ගලික අංශයෙන් ලබා ගෙන ඇති අතර ඒ සඳහා 2015 සිට 2020 දක්වා ගෙවීය යුතු මුළු කුලී මුදල රුපියල් කෝටි 7ක් බව විගණන වාර්තා සඳහන් කරනවා.

READ:   රනිල් කුමන්ත්‍රණය කරනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්