Saturday, July 25, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පවත්වා තිබෙනවා.

file

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක ,පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නියෝජනය කරමින් උසස් නිලධාරීන් ද ඒ සඳහා සහභාගී වී තිබෙනවා.

file

මෙම විශේෂ හමුව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර පරීක්ෂණ වාර්ථාව පිළිබඳ මන්ත්‍රී වරුන් නැඟූ ප්‍රශ්න වලට විමර්ෂණ නිලධාරීන් විසින් පිළිතුරු ලබා දීම සිදු කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

file

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්ථාව පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ස්තූතිය පුද කර සිටි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

READ:   O/ L ප්‍රථමයා මහනුවරින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්