එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (19) පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රයත්නය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවට හමුවේදී ප්‍රකාශ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය හමුවී දෙරට අතර නිල සාකච්ඡා පවත්වා තිබුණා.
ඒ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී.
ශ්‍රී ලංකාව ක්‍රමිකව ආර්ථික වශයෙන් ශක්තිමත්වීම පිළිබඳ බංග්ලාදේශ අගමැතිනිය එහිදී සිය සතුට පළ කළ බව සඳහන්.



