16 වන ආසියානු ක්‍රිකට් ශූරතාවය තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත්වුණා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කෙටිම කාලයක් තුළ මව් බිම තුළදී පරාජය කරමින්.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සියලුදෙනා පන්දුවාර 10 අවසන් වීමටත් පෙර දැවි ගියේ දහසක් මෙරට ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තු සුණු විසුණු කර දමමින්.
පන්දුවාර 15.2 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී යන්නේ ආසියානු තරගාවලි ඉතිහාසයේ අවම ලකුණු සංඛ්‍යාවකින් නිමාවූ ඉනිමක් වාර්තා කරමින්.
ආසියාවේ ක්‍රිකට් රජුන් තීරණය කෙරෙන ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාවට කළ යුතුව තිබුණේ පිළිතුරු වශයෙන් ලකණු 51ක් ලබා ගැනීම පමණයි.
කිසිවෙකු නොදැවී පන්දුවාර 6.යි පන්දු 1 තුළ එම ඉලක්කය පසුකර යෑමට ඔවුන් සමත් වුණා.
රිසි සේ පහර දුන් Ishan Kishan සහ Gill පිළිවලින් ලකුණු 23ක් සහ 27ක් රැස් කළා.
ඉන්දීය කණ්ඩායමේ එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට නොහැකි වීම විශ්මය ජනක සහ ලැජ්ජා සහගතම දෙයක් බවයි අප පවසන්නේ.
ඒ අනුව මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ලද ලැජ්ජා සහගතම පරාජයක් ලෙස මෙම පරාජය හැඳින්විය හැකියි.


